තරුණියක් මුල් කරගනිමින් ගැටුමක්

December 21, 2023 - 1:43 PM
මිල්ලනිය බැල්ලන්තුඩාව ප්‍රදේශයේ තරුණියක් මුල් කරගනිමින් දෙපිරිසක් අතර ගැටුමක් ඇති වීමෙන් පුද්ගලයන් සිව් දෙනෙකු කැපුම් තුවාල ලබා රෝහල් ගත කර ඇති බව මිල්ලනිය පොලීසිය පවසනවා.

මෙම ගැටුමෙන් යතුරුපැදියකට හා ත්‍රීරෝද රථයකටද බරපතළ ලෙස හානි සිදු වී ඇති බවද සඳහන්.

ගැටුමෙන් තුවාල ලැබූ සිව්දෙනා හොරණ මුලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු එක් අයෙකු වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහල වෙත ඇතුළත් කර තිබෙනවා.

පානදුර පොලිස් කොට්ඨාසයේ සහකාර පොලිස් අධිකාරි නිශාන්ත සේනාරත්න, සහකාර පොලිස් අධිකාරී සම්පත් බණ්ඩාර මහත්වරුන්ගේ උපදෙස් අනුව මිල්ලනිය පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක මහේක සිල්වා මහතාගේ මෙහෙයවීමෙන් එම පරීක්ෂණ පැවැත්වෙනවා.
(lknews.lk)