ගැබ් ගෙල පිළිකා හඳුනාගැනීමට කළ පරීක්ෂණ සාර්ථකයි

November 23, 2023 - 11:19 AM
2023 වසරේ සැප්තැම්බර් මාසය අවසන් වන විට වසරක කාලසීමාවක් තුළ ගැබ් ගෙල පිළිකා කලින් හඳුනාගැනීමේ ක්‍රියාවලිය සඳහා කාන්තාවන් දෙලක්ෂ තිස් අට දහසක් පරීක්ෂා කිරීමට හැකියාව ලැබී තිබෙනවා.

මෙම ප්‍රමාණය 2017 වසරේදී සිදුකළ පරීක්ෂණ ප්‍රමාණයට සාපේක්ෂව දෙගුණයක් බවයි වාර්තා වන්නේ.

එය සෞඛ්‍ය අංශ ලැබූ ජයග්‍රහණයක් බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රාථමික සෞඛ්‍ය සේවා පද්ධතිය සවිබල ගැන්වීමේ ව්‍යාපෘතියේ (PSSP) අධ්‍යක්ෂ, හිටපු සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර මහතා පැවසුවා.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රාථමික සෞඛ්‍ය සේවා පද්ධතිය සවිබල ගැන්වීමේ ව්‍යාපෘතියේ (PSSP) නිලධාරීන් සමග ඊයේ (22) පැවති ප්‍රගති සමාලෝචන රැස්වීමකට එක්වෙමින් ඔහු මේ අදහස් පළ කළා.
(lknews.lk)