චීනයේ ළමුන් අතර හඳුනා නොගත් නව රෝගයක් ව්‍යාප්ත වෙයි
November 23, 2023 - 2:24 PMචීනයේ ළමුන් අතර හඳුනා නොගත් නව නිව්මෝනියා රෝගී තත්ත්වයක් ව්‍යාප්ත වෙමින් පවතින බව Reuters පුවත් සේවය වාර්තා කරනවා.
එරට ළමයින් අතර මෙම රෝගී තත්ත්වය සුලබව වාර්තා වෙමින් පවතින බවත් බීජිං, ලියෝනින් ඇතුළු තවත් නගර රැසක ළමා රෝහල් මෙම රෝගයෙන් පෙළෙන ළමයින්ගෙන් පිරීගොස් ඇති බව ද එම මාධ්‍ය වාර්තා පෙන්වා දෙනවා.
ඒ අනුව උතුරු චීනයේ ව්‍යාප්ත වෙමින් පවතින රෝගී තත්ත්වය පිළිබඳ සියලු තොරතුරු තමන් වෙත ලබාදෙන ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය චීනයට දැනුම් දී තිබෙනවා.
මේ අතර උතුරු චීන ළමයින් අතර මෙම නිව්මෝනියා රෝග වසංගත තත්ත්වය ව්‍යාප්ත වෙමින් පවතින බවත් චීන බලධාරීන් එය වසන් කරමින් සිටින බවත් තායිවාන මාධ්‍යය වාර්තා කරනවා.
2019 වසරේදී ලොව පළමු නිල කොවිඩ් රෝගියා වාර්තා වුණේ ද චීනයේ වූහාන් නගරයෙන් වීම විශේෂත්වයක්.
(lknews.lk)