චාමරගේ සෞඛ්‍ය තත්ත්වය ගැන නවතම තොරතුර අනාවරණය වෙයි

December 28, 2023 - 10:41 AM
ජනප්‍රිය ගායන ශිල්පී චාමර වීරසිංහ මහතා තව දුරටත් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින බව වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා පවසනවා. 

වෛද්‍යවරයා සඳහන් කළේ, ඔහුගේ රෝගී තත්ත්වයේ මුල් අවස්ථාවේ තිබූ තත්ත්වයට වඩා ලොකු වෙනසක් ගැන ප්‍රකාශ කළ නොහැකි බවයි. 
 
එසේම චාමර වීරසිංහ සඳහා හොඳම ප්‍රතිකාර එම රෝහලේ විශේෂඥ වෛද්‍යවරු ලබාදෙන බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළා. 
 
චාමර වීරසිංහගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව ඉදිරි දින දෙක තුන ඇතුළත නිශ්චිත ප්‍රකාශයක් සිදුකළ හැකි බවද වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා වැඩිදුරටත් පැවසුවා.
(lknews.lk)