චාමර වීරසිංහ රෝහලෙන් පිටවෙයි

January 29, 2024 - 11:38 AM

දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි ගායන ශිල්පී චාමර වීරසිංහ මහතා සුවය ලබා රෝහලෙන් පිටව ගොස් තිබෙනවා.

ඔහු දින 40 කට ආසන්න කාලයක් වෛද්‍ය ප්‍රතිකාර යටතේ ගත කළා.

පසුගිය මාසයේ ශ්වසන අපහසුතාවයක් හේතුවෙන් කළුබෝවිල රෝහලට ඇතුළත් කළ අතර උගුර සහ උදරය යන දෙකෙහිම ඇති වූ සංකූලතාවයන් සඳහා ඔහු ශල්‍යකර්ම දෙකකට භාජනය කළ බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ.

එමෙන්ම සුවය ලැබුවද ඔහු තවදුරටත් විවේකයෙන් සිටිය යුතු බවට වෛද්‍යවරුන් උපදෙස් දී තිබෙනවා.

(lknews.lk)