හෙට දිනයේ කාලගුණ තත්වයේ වෙනසක්

February 25, 2024 - 6:12 PM
නැගෙනහිර සහ ඌව පළාත්වලට බලපා ඇති වියළි කාලගුණ තත්වයේ තාවකාලික වෙනසක් හෙට (26) දිනයේදී අපේක්ෂා කරන බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව,නැගෙනහිර, ඌව, බස්නාහිර සහ සබරගමු පළාත්වලට මෙන්ම මාතලේ, පොළොන්නරුව, මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්කවලට හෙට වැසි ඇති විය හැකි බවයි සඳහන් වන්නේ.
(lknews)