ගිං ගඟේ දියනෑමට ගිය දරුවෙක් අතුරුදන් වෙයි

September 06, 2024 - 3:10 PM
පාසල් සිසුන් තිදෙනෙක් ගිං ගඟේ දිය නෑමට ගොස් සිටියදී එක් සිසුවෙක් දියේ ගිලී අතුරුදන් වී තිබෙනවා.

අතුරුදන් වී ඇති සිසුවා වයස අවුරුදු 19ක් වන ඇහැලපිටිය, නෙළුව ප්‍රදේශයේ පදිංචි පාසල් සිසුවෙක් බවයි වාර්තා වන්නේ.

මේ පිලිබඳ වැඩිදුර විමර්ශන නෙළුව පොලීසිය විසින් සිදු කරනු ලබනවා.

(lknews)