බදුල්ලේ දරුවන් රැසකටත් ශිෂ්‍යත්ව හිමි වෙයි

July 14, 2024 - 1:31 PM
දැයේ සියලු දරු දැරියන්ගේ අධ්‍යාපනය නඟා සිටුවීම වෙනුවෙන් 'ජනාධිපති ශිෂ්‍යත්ව 2024' වැඩසටහන මේ දිනවල ක්‍රියාත්මක වෙමින් පවතිනවා.

මෙම වැඩසටහන යටතේ ශිෂ්‍යත්ව 116000ක් පිරිනැමීමට නියමිතයි.

ඒ අතරින් බදුල්ල දිස්ත්‍රික්කයේ අධ්‍යාපන කලාප 6කට අයත් දරු දැරියන් වෙනුවෙන් ශිෂ්‍යත්ව 5770ක් පිරිනැමීම සිදු වුණා.

එහිදී උසස් පෙළ සිසුවෙක් සඳහා මසකට රු. 6000 බැගින් ශිෂ්‍යත්ව 360ක් හා 1 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා සිසුවෙක් සඳහා මසකට රු.3000 බැගින් ශිෂ්‍යත්ව 5410ක් ද පිරිනමනු ලැබුවා.

උත්සව අවස්ථාව සඳහා වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ඇතුළු ජනතා නියෝජිතයන්, රාජ්‍ය නිලධාරීන් සහා බොහෝ පිරිසක් සහභාගී වුණා.

ජනාධිපති අරමුදල මඟින් ක්‍රියාත්මක කරනු ලබන මෙම ශිෂ්‍යත්ව වැඩසටහන සඳහා දායකත්වය සපයනු ලබන්නේ සංවර්ධන ලොතරැයි මණ්ඩලයයි.



(lknews)