නුවරඑළිය දිස්ත්‍රික්කයේ දරුවන් 5440කට ශිෂ්‍යත්ව හිමි වෙයි

July 16, 2024 - 6:27 PM
දැනුමින් දිනන මතු පරපුරක් උදෙසා අවශ්‍ය අත්වැල සපයමින් ක්‍රියාත්මක ජනාධිපති ශිෂ්‍යත්ව 2024 වැඩසටහන යටතේ මධ්‍යම පළාතේ නුවරඑළිය දිස්ත්‍රික්කය සඳහා වන ශිෂ්‍යත්ව පිරිනැමීම අද (16) සිදු වුණා.

ඒ අනුව නුවරඑළිය දිස්ත්‍රික්කය තුළ ජනාධිපති ශිෂ්‍යත්ව සඳහා සුදුසුකම් ලැබූ සිසුන් සංඛ්‍යාව 5440ක් බවයි වාර්තා වන්නේ.

උසස් පෙළ සිසුන් 300ක් හා 1 ශ්‍රේණිය් සිට 11 ශ්‍රේණිය දක්වා සිසුන් 4940ක් වශයෙන් තෝරා ගෙන තිබෙනවා.

මෙහිදී උසස් පෙළ සිසුවෙක් සඳහා මසකට රු.6000 බැගින් වූ ශිෂ්‍යත්ව ද 1 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා රු.3000 බැගින් වූ ශිෂ්‍යත්ව ද පිරිනමනු ලබනවා.

ජනාධිපති ශිෂ්‍යත්ව නුවරඑළිය දිස්ත්‍රික් වැඩසටහන සඳහා මධ්‍යම පළාත් ආණ්ඩුකාරතුමන්,  ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් අමාත්‍ය ජීවන් තොණ්ඩමන් මහතා, පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. බී දිසානායක මහතා ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ජනතා නියෝජිතයන්, රාජ්‍ය නිලධාරීන් සහා තවත් බොහෝ පිරිසක් එක්ව සිටියා.

ජනාධිපති අරමුදලේ පූර්ණ අධීක්ෂණය හා සංවිධානය ශක්තිය යටතේ ක්‍රියාත්මක මෙම ශිෂ්‍යත්ව ප්‍රදාන වැඩසටහන සඳහා දායකත්වය සපයන්නේ සංවර්ධන ලොතරැයි මණ්ඩලයයි.



(lknews)