සංශෝධිත ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත පිළිබඳ දැඩි අවධානය

January 20, 2024 - 11:44 AM
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සලකා බලමින් පවතින සංශෝධිත ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත පිළිබඳ දැඩි අවධානය යොමුකර ඇති බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය පවසනවා.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට මෙම නව පනත හඳුන්වා දී තිබීම විශේෂත්වයක්.

ඒ අනුව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අවලංගු කිරීම හරහා ගෙන එන නව ප්‍රතිසංස්කරණ ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර ආරක්ෂාව සඳහා වැදගත් විය යුතු බව ද ඔවුන් සඳහන් කළා.
(lknews.lk)