මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනයේ වෙනසක්

February 03, 2024 - 11:36 AM
මුහුදුබඩ මාර්ගයේ ධාවනය වන දුම්රිය කොළඹ - කොටුවේ සිට වැල්ලවත්ත දක්වා නොනවත්වා ධාවනය කිරීමට තීරණය කර තිබෙනවා.

ඒ, 76 වන ජාතික නිදහස් දිනයට සමගාමීව කොළඹ ගාලු මුවදොර පිටියේ හෙට (04) පැවැත්වෙන උත්සවය හේතුවෙන්.

ඒ අනුව මහලේකම් කාර්යාල දුම්රිය ස්ථානය, කොල්ලුපිටිය සහ බම්බලපිටිය යන ස්ථානවල දුම්රිය නොනවත්වා ධාවනය කරන බවයි එම දෙපාර්තමේන්තුව පැවසුවේ.  
(lknews.lk)