කොළඹ වරායට පැමිණෙන නෞකා සංඛ්‍යාව ඉහළට

January 29, 2024 - 2:54 PM
කොළඹ වරාය වෙත පැමිණෙන නෞකා සංඛ්‍යාව ඉහළ ගොස් තිබෙන බව වරාය නාවික හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසනවා.

ඒ, රතු මුහුද ආශ්‍රිතව ඇති වී තිබෙන අර්බුද තත්ත්වය හේතුවෙන්.  

ඒ අනුව මෙසේ වරායට නෞකා පැමිණීම 35% කින් ඉහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

එමෙන්ම වරායේ බහාලුම් මෙහෙයුම් ද 72% කින් පමණ ඉහළ ගොස් ඇති බව අමාත්‍යවරයා සඳහන් කළා.

ශ්‍රී ලංකා වරාය අධිකාරියේ ජයබහලු පර්යන්තයේ විශේෂ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා මෙම අදහස් පළකලා.
(lknews.lk)