දුම්රිය ධාවනයේ ප්‍රමාදයක්

October 15, 2024 - 9:59 AM
කොළඹ කොටුව සහ මරදාන දුම්රිය ස්ථාන අතර අද (15) දුම්රියක් පීලි පැනීමට ලක්වී තිබෙනවා.

දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ මේ හේතුවෙන් දුම්රිය ධාවනයේ ප්‍රමාදයක් සිදුවිය හැකි බවයි.

එමෙන් ම කළුතර සිට මරදාන බලා ධාවනය වීමට නියමිතව තිබූ දුම්රියේ එංජිම කළුතර දුම්රිය ස්ථානය ආසන්නයේ දී ගිනිගැනීමකට ලක්වී තිබෙනවා.

ඒ හේතුවෙන් මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනයට ද බාධා එල්ල වී තිබෙන බවයි වාර්තා වන්නේ.

(lknews.lk)