විදුලි ගාස්තු සංශෝධනයට ජනතාවගේ අදහස් විමසීම අද

October 18, 2023 - 12:01 PM
විදුලි ගාස්තු සංශෝධනයට අදාළව ජනතාවගේ අදහස් සහ යෝජනා වාචිකව ලබාගැනීම අද (18) සිදු කෙරෙන බව මහජන උපයෝගීතා කොමිසම පවසනවා.

ඒ අනුව කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණශාලා පරිශ්‍රයේදී පෙරවරු 9.00 සිට පැවැත්වෙන බවයි සඳහන් වන්නේ.

ජනතාවට විදුලි ගාස්තු සංශෝධනයට අදාළ යෝජනා ලිඛිතවද එම කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කළ හැකියාව ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.
(lknews.lk)