මාර්ග අනතුරු අවම කරන්න කාරක සභාවක්

March 01, 2024 - 4:11 PM
මාර්ග අනතුරු අවම කිරීම පිළිබඳ විශේෂ තේරීම් කාරක සභාවක් පත්කරන ලෙස අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා කථානායකවරයාගෙන් ලිඛිත ඉල්ලීමක් කර තිබෙනවා.

ඒ මාර්ග අනතුරු හේතුවෙන් වටිනා මිනිස් ජීවිතවලට සහ ආර්ථිකයට වන හානිය පිළිබඳව අවදානය යොමු කිරීම සඳහායි.

එම විශේෂ කාරක සභාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 11 දෙනෙක් ඇතුළත් විය යුතු බව ද එම ලිපියේ සඳහන් වනවා.
(lknews)