මුදල් අමාත්‍යංශයේ ආයතන වලට බඳවාගැනීමේ ක්‍රමවේදයේ පුළුල් වෙනසක්

October 21, 2023 - 5:34 PM
මුදල් අමාත්‍යංශය යටතේ පවතින ආයතන සඳහා ඉදිරියේදී බඳවාගැනීම් ක්‍රමවේදයේ පුළුල් වෙනසක් සිදුකිරීමට බලාපොරොත්තු වන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.

පසුගියදා පැවති මුදල් පිළිබඳ උපදේශක කාරක සභා රැස්වීමේදී එම තීරණය ගෙන ඇති බව ඔහු සඳහන් කළා.

අද (21) පෙරවරුවේ දැරණියගල ප්‍රදේශයේ පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් රංජිත් සියඹලාපිටිය මහතා ඒ බව කියා සිටියා.
LK NEWS