වවු­ල­න්ගෙන් පැති­රෙන කොරෝනා වෛරස් 3000ක් ගැන හෙළිවෙයි

March 01, 2025 - 11:06 AM
වවු­ල­න්ගෙන් ව්‍යාප්ත වන විවි­ධා­කා­රයේ කොරෝනා වයි­රස් 3000කට අධික ප්‍රමා­ණ­යක් ලොව පුරා පව­තින බව අනා­ව­ර­ණය කර තිබෙනවා.

ඒ එංග­ල­න්තයේ නෝවිච් නුවර ඊස්ට් ඇන්ග්ලියා විශ්ව­වි­ද්‍යා­ලයේ මහා­චාර්ය පෝල් හන්ටර් විසින්.

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ එම සිය­ලුම කොරෝනා වයි­රස් වර්ග­ව­ලට මිනිස් සිරුරු තුළ රෝග­කා­රක වර්ධ­නය කිරීමේ හැකි­යාව පව­තින බවත්, එම වයි­රස් වර්ග චීනයේ පම­ණක් නොව ලොව පුරා තවත් රට­වල වවු­ලන් අතරත් දක්නට ලැබෙන බවයි.

එමෙන්ම කීර්ති­මත් විද්‍යා­ඥ­ව­රි­යක් වන සී ෂෙංග්ලි ඇතුළු පර්යේ­ෂණ කණ්ඩා­ය­මක් විසින් චීනයේ ගුවැන්ඩොං, ෆුජි­යැන්, ෂෙජියැං සහ ගුවැංෂී ඇතුළු ප්‍රාන්ත රැසක කුඩා වවුල් වර්ග සිය­ය­කට වැඩි ප්‍රමා­ණ­යක් සම්බ­න්ධව සිදු කළ දීර්ඝ පර්යේ­ෂ­ණකින් පසුව සොයා ගනු ලැබූ වයි­ර­සය HKU5-CoV-2 ලෙස නම් කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

(lknews.lk)