අධිකරණයෙන් ෆේස්බුක් ආයතනයට නියෝගයක්

December 21, 2023 - 2:34 PM
අන්තර්ජාලය හරහා බුදු දහමට හා බුදුන් වහන්සේට අපහාස කළ බව කියන සමාජ මාධ්‍ය ගිණුම් ගැන තොරතුරු ලබා දෙන්නැයි ඊයේ අධිකරණය ෆේස්බුක් ආයතනයට නියෝග කර තිබෙනවා.

කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් ටී. එන්. එල්. ඉලංගසිංහ මහතා විසින් එම නියෝගය ලබා දී ඇත්තේ පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් විසින් කරන ලද ඉල්ලීමකට අනුවයි.

මෙලෙස බුදු දහමට අපහාස සිදු වෙන ලෙස සිදුකළ පළකිරීම් සම්බන්ධව පුළුල් පරීක්ෂණයක්ද ආරම්භ කර ඇති බව පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් පවසනවා.

එමෙන්ම මෙම සිද්ධිය සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනයේ ප්‍රගතිය අධිකරණයට වාර්තා කරන ලෙස ද  මහෙස්ත්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවට දැනුම් දුන්නා.
(lknews.lk)