වනිඳු ගැන ක්‍රිකට් ආයතනය හදිසි තීරණයක් ගනී

April 06, 2024 - 4:48 PM
ශ්‍රී ලංකා විස්සයි විස්ස නායක වනිඳු හසරංග මෙවර IPL තරගාවලිය සඳහා සහභාගී නොවන බව විදෙස් ක්‍රීඩා මාධ්‍ය වාර්තා කළා.

ඒ අනුව මේ සම්බන්ධයෙන් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය වෙත ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ලිඛිත දැනුම්දීමක් සිදුකර ඇති බව එම මාධ්‍ය වාර්තා පෙන්වා දෙනවා.

එහි පෙන්වා දී ඇත්තේ වනිඳු හසරංගගේ වම් වළලුකර ආශ්‍රිතව ඇති ආබාධ තත්වය හේතුවෙන් ඔහුට විවේකය අවශ්‍ය බවයි.

ඔහු ප්‍රතිකාර සඳහා ඩුබායි වෙත ගොස් සිටින අතර මෙම අවස්ථාවේ විවේකගැන්වීම වඩාත් සුදුසු බවට විශේෂඥ උපදෙස් ලැබී ඇති බවයි වාර්තාවේ සඳහන් වන්නේ.

(lknews.lk)