ප්‍රභූ පර්යන්තයෙන් ක්‍රිකට් කණ්ඩායම දිවයිනට

June 19, 2024 - 12:18 PM
ඇමරිකාවේ සහ කොදෙව් රාජ්‍යයේ පැවැත්වෙන T20 ලෝක කුසලාන තරගාවලියට සහභාගී වූ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද (19) උදෑසන යළි දිවයිනට පැමිණියා.

ලෝක කුසලානයේ පළමු වටයේදී ශ්‍රී ලංකා කණ්ඩායමට ජයග්‍රහණය කිරීමට හැකි වුණේ නෙදර්ලන්තයට එරෙහිව පැවති තරගය පමණයි.

ඒ අනුව ඔවුන්ට 2024 T20 ලෝක කුසලානයේදී පළමු වටයෙන්ම ඉවත් වීමට සිදු වුණා.

ශ්‍රී ලංකා කණ්ඩායම මීට පෙර සාමාන්‍ය මගී පර්යන්තය ඔස්සේ පිටතට පැමිණියත් අද මුදල් ගෙවා පහසුකම් සලසා ගත යුතු 'සිල්ක් රූට්' පර්යන්තය ඔස්සේ ගුවන්තොටුපොළෙන් පිටතට පැමිණීමට කටයුතු කර තිබෙනවා.

(lknews)

May be an image of 6 people and lightingMay be an image of 5 people, beard and people smiling