බදු අය කිරීමේ අපේක්ෂාව ගැන රේගුවෙන් පැහැදිලි කිරීමක්

October 26, 2023 - 2:30 PM
මේ වසරේ රුපියල් බිලියන 925ක බදු ආදායම් රැස්කිරීමට අපේක්ෂා කරන බව ශ්‍රී ලංකා රේගුව පවසනවා.

අද (26) පෙරවරුවේ කොළඹදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් රේගු අධ්‍යක්ෂ සහ මාධ්‍ය ප්‍රකාශක සීවලී අරුක්ගොඩ මහතා මේ බව ප්‍රකාශ කළා.

රේගු අධ්‍යක්ෂකවරයා පැවසූවේ 2017 සිට 2023 දක්වා බිලියන 742ක්බදු මුදලක් ලැබූ ඇති බවයි.

එමෙන්ම IMF ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් නිකුත් කරන ලද වාර්තාවේ ශ්‍රී ලංකා රේගුව සම්බන්ධයෙන් නිර්දේශ 05ක් ඉදිරිපත් කර ඇති බව ද ඔහු සඳහන් කළා.
(lknews.lk)