වප් පුර පසළොස්වක පොහොය අදයි

October 28, 2023 - 10:28 AM
වප් පුර පසළොස්වක පොහොය දිනය අදට (28) යෙදී තිබෙනවා.

වස්සාන සමයේ පෙරවස් එළැඹුන භික්ෂූන් වහන්සේ තෙමසකින් වස් පවාරණය කිරීම ඇතුළු ශාසන ඉතිහාසයේ සුවිශේෂී සිදුවීම් රැසක් වප් පොහොය දිනයේ සිදුව තිබෙනවා.

එමෙන්ම භික්ෂූන් වහන්සේ වස් පවාරණය කිරීමෙන් පසු චීවර මාසය ආරම්භ වන්නේ ද මෙම පොහොය දිනයේදීයි.

මීට අමතරව සත්වන වස් කාලය ගත කිරීමට තව්තිසා දෙව්ලොවට වැඩම කෙරූ බුදුන් වහන්සේ දෙව්ලොවින් නික්ම දඹදිව සංකස්සපුරයට වැඩම කර මහා පෙළහර පාමින් වැඩ සිටියේ අද වැනි පොහෝ දිනකයි.
(lknews.lk)