ලැගුම්හල් කාමරයකින් අවු :12 ක දැරියකගේ මළ සිරුරක් හමුවෙයි

September 14, 2023 - 9:07 AM
ලැගුම්හලක කාමරයක් තුළ ඇඳක් මත දින කිහිපයකට පෙර මියගොස් සිටි දැරියකගේ මළ සිරුරක් පොලීසිය විසින් සොයා ගෙන තිබෙනවා.

ඒ, කෝපායි පොලිස් වසමේ තිරණවේලි ප්‍රදේශයේ පිහිටි ලැගුම්හලකදීයි.

පසුගිය 12 වනදා දහවල් කාලයේ දී එම ලැගුම්හලේ වසා ඇති කාමරයක් තුළින් දුර්ගන්ධයක් හමන බවට එහි සේවකයෙකු විසින් කෝපායි පොලීසියට දැනුම්දී තිබුණා.

ඒ අනුව පොලීසිය සිදුකළ විමර්ශනවලදී කාමරයේ තිබී මියගිය දැරියගේ මළ සිරුරක් සහ තවත් ඇඳක සිහිසුන්ව සිටි කාන්තාවක් සොයාගෙන ඇති බව සඳහන්.

පසුව එම කාන්තාව ගිලන්රථයකින් යාපනය රෝහලට ඇතුළත් කර තිබෙනවා.

මියගොස් සිට ඇත්තේ අවුරුදු 12ක් වූ පල්ලිය පාර, ත්‍රිකුණාමලය ප්‍රදේශයේ පදිංචි පාසල් දැරියක්.

සිද්ධිය සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයේ දී මියගිය දැරිය මෙම කාන්තාවගේ පළමු විවාහයේ දියණිය බවට අනාවරණය වී තිබෙනවා.

මොවුන් දෙදෙනා පසුගිය සැප්තැම්බර් මස 9 වනදා ලැගුම්හල වෙත පැමිණ ඇති බව සඳහන්.

විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ, මෙම කාන්තාව විසින් ඉන්සියුලින් එන්නතක් ලබාදී, නිදි පෙති 10ක් ද ලබාදී දැරියව ඝාතනය කර ඇති බවටයි.

මෘත ශරීරිය මහෙස්ත්‍රාත් පරීක්ෂණය හා පශ්චාත් මරණ පරීක්ෂණ සිදුකර දැරියගේ පියා වෙත භාර දී තිබෙනවා.

අපරාධයට සම්බන්ධ කාන්තාව පොලිස් ආරක්ෂාව යටතේ යාපනය රෝහලේ ප්‍රතිකාර ලබන බවයි වාර්තා වන්නේ.
(lknews.lk)