ලෙබනනයේ ගොඩනැගිල්ලක සුන්බුන් අතර තිබී ලාංකික කාන්තාවකගේ මළ සිරුරක්

October 22, 2023 - 5:25 PM
ලෙබනනයේ විනාශ වූ ගොඩනැගිල්ලක සුන්බුන් අතර තිබී ලාංකික කාන්තාවකගේ මළ සිරුරක් හමු වී තිබෙනවා.

ඊයේ (21) මෙම මළ සිරුර සොයාගෙන ඇති බව සඳහන්.

මාතර ප්‍රදේශයේ පදිංචි අයි. ප්‍රේමලතා නමැති 65 හැවිරිදි කාන්තාවක එලෙස මිය ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

අඟහරුවාදා (17) ලෙබනනයේ ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් සුන්බුන් යට සිරවී සිටි කිහිප දෙනෙකු අතර ශ්‍රී ලාංකික කාන්තාවක ද සිටින බව බේරූට්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය තහවුරු කළා.

ලෙබනනයේ මන්සූරිහි තට්ටු පහක ගොඩනැගිල්ලක් ඔක්තෝබර් 16 වන දින කඩා වැටී තිබුණේ, මහල් තුනක් පමණක් ඉතිරි කරමින්.
(lknews.lk)