පොලිස් නිලධාරියෙකුගේ මළ සිරුරක් සොයා ගැනේ

October 01, 2023 - 1:50 PM

වැලිකන්ද පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කළ පොලිස් සැරයන්වරයෙකුගේ මළ සිරුරක් සොයාගෙන තිබෙනවා.

පොලිස් භට නිවාසයක් තුළ මියගොස් සිටියදී අද (30) අළුයම එම පොලිස් සැරයන්වරයාගේ සිරුර සොයාගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ නිහාල් තල්දූව මහතා සඳහන් කළේ.

මියගොස් ඇත්තේ 52 හැවිරිදි වියේ පසුවූ එරාවුර් ප්‍රදේශයේ පදිංචි නිලධාරියෙකු බව සඳහන්.

පොලිස් සැරයන්වරයා මියගිය හේතුව මෙතෙක් අනාවරණය කරගෙන නොමැති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ.
(lknews.lk)