ඉක්වදෝරයේ නායයෑමකින් 6ක් මරුට

June 17, 2024 - 11:56 AM
ලතින් ඇමරිකාවට අයත් එක්වදොරයේ සිදු වූ නායයෑමකින් පුද්ගලයන් 6 දෙනෙකු ජිවීතක්ෂයට පත්ව ඇති බව වාර්තා වනවා.

එමෙන්ම නායයෑමෙන් මඩ සහ පස් තට්ටු යට සැඟවී අතුරුදහන් වූ පිරිස 30කට වැඩි බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

එලෙස නායයෑමට ලක් වී ඇත්තේ Baños de Agua Santa නමැති කඳුකර නගරය වන අතර නායයෑමට හේතුව නොකඩවා ඇද හැලුණු මහ වර්ෂාව බව වාර්තාවල සඳහන්.

(lknews)