ගාසා තීරයේ ගැටුම් වලින් මියගිය ගණන තවත් ඉහළට

October 14, 2023 - 2:02 PM
පසුගිය සෙනසුරාදා සිට ඇති වූ හමාස් ප්‍රහාරයෙන් පසු ගාසා තීරයේ ගැටුම් වලින් අවම වශයෙන් පුද්ගලයින් 1,900 ක් මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

ඒ අතර ළමුන් 614 ක් සහ කාන්තාවන් 370 ක් සිටින බවයි පලස්තීන සෞඛ්‍ය අමාත්‍යාංශය තහවුරු කළේ.

එමෙන්ම තවත් 7,696 දෙනෙකු තුවාල ලබා ඇති බව ද එම වාර්තා වැඩිදුරටත් සඳහන් කළා.
(colombotimes.lk)