ඡන්ද ඇපය වැඩි කිරීමට තීරණයක්

April 09, 2024 - 2:18 PM
මැතිවරණය සඳහා අදාල වන ඇප මුදල් තැන්පත් ගාස්තු සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

ඒ අනුව ජනාධිපතිවරණ, පාර්ලිමේන්තු මැතිවරණ සහ පළාත් සභා ඡන්ද විමසීම් පනතේ විධිවිධාන ඔස්සේ වත්මන් ආර්ථිකයට ගැළපෙන ලෙස සංශෝදනය කිරීම හඳුනාගෙන ඇති බව රජය පවසනවා.

මෙම අදාල පනත් කෙටුම්පත සකස් කරන ලෙස පනත් කෙටුම්පත් සම්පාදකට උපදෙස්දීමට ජනාධිපතිවරයා සහ අධිකරණ අමාත්‍යවරයා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇති බවයි වාර්තා වන්නේ.


(lknews.lk)