ගුවන් හමුදා සාමාජිකයන් අඩු කිරීමට තීරණයක්

April 13, 2024 - 11:28 AM
ගුවන් හමුදා සාමාජිකයන් සංඛ්‍යාව 2030 වසර වන විට අඩු කරන බව ගුවන් හමුදාපති එයාර් වයිස් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතා පවසනවා.

ඒ බව ඔහු සඳහන් කළේ ගුවන් හමුදා මූලස්ථානයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීයි.

මේ වන විට ගුවන් හමුදා සාමාජිකයන් 35,000ක ප්‍රමාණයක් සිටින බවත් එය 18,000ක් දක්වා අඩු කරන බවත් ගුවන්හමුදාපතිවරයා සඳහන් කළා.

(lknews.lk)