තැපැල් ඡන්ද පත්‍රිකා භාර දීම 23 වනදා

October 16, 2024 - 11:44 AM
මහ මැතිවරණයේ තැපැල් ඡන්ද පත්‍රිකා තැපෑලට භාරදීම එළඹෙන 23 වනදා සිදුකරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

ඒ අනුව දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රයේ සියලුම කාර්යාල, මැතිවරණ කාර්යාල හා පොලීසිය සඳහා තැපැල් ඡන්ද සලකුණු කරීම ඔක්තෝබර් 30 වනදා සහ නොවැම්බර් 04 වනදා යන දිනවලදී සිදු කිරීමට නියමිතයි.

අනෙකුත් රාජ්‍ය ආයතන හා හමුදා කඳවුරුවල තැපැල් ඡන්දය සලකුණු කිරීම නොවැම්බර් 01 සහ 04 දිනවලදී සිදු කරන බවයි වාර්තා වන්නේ.

එම දිනයන්වල තැපැල් ඡන්ද භාවිතා කිරීමට නොහැකි වන පිරිස් සඳහා නොවැම්බර් 07 සහ 08 යන දිනවලදී තැපැල් ඡන්දය සලකුණු කිරීමට හැකියාව තිබෙනවා.

ඒ තමන්ගේ සේවා ස්ථානය පිහිටි දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලවලදීයි.

(lknews.lk)