ඩෙංගු මරණ 32ක් - කොළඹින් රෝගීන් 14,475

November 02, 2023 - 3:07 PM
වසරේ ගත වූ මාස කිහිපය තුළ මෙරටින් ඩෙංගු රෝගීන් 70,000කට ආසන්න සංඛ්‍යාවක් හඳුනාගෙන ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය නිවේදනය කරනවා.

ඒ අනුව මේ වසරේ ජනවාරි පළමු වැනිදා සිට නොවැම්ර් පළමු වැනිදා දක්වා කාලය තුළ මෙරටින් ඩෙංගු රෝගීන් 68,497 දෙනෙකු වාර්තා වී ඇති බවයි එම ඒකකය පැවසූවේ.

ඉන් වැඩි දෙනෙකු බස්නාහිර පළාතෙන් වාර්තා වන අතර, එම සංඛ්‍යාව 32,862ක් ලෙස සඳහන්.

ඒ යටතේ කොළඹ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 14,475 දෙනෙකු වාර්තා වී තිබෙනවා.

එමෙන්ම මධ්‍යම පළතෙන් ඩෙංගු රෝගීන් 7,878 දෙනෙක් ද වයඹ පළාතෙන් 5,671 දෙනෙකු සහ සබරගමුව පළාතෙන් රෝගීන් 5,651 දෙනෙකු වාර්තා වන බව ජාතික ඩෙංගු මර්දන ඒකකය නිවේදනය කළා.

මේ වසරේ ගත වූ මාස කිහිපය තුළ ඩෙංගු මරණ 32ක් ද වාර්තා වී තිබෙනවා.
(lknews.lk)