වන අලියෙකු පහරදීමෙන් වී ගබඩාවට සිදු වූ විනාශය

August 20, 2024 - 4:33 PM
පානියමඩුව ප්‍රදේශයේ පිහිටි වී ගබඩාවකට අද (20) අලුයම කඩා වැදුණු තනි අලියෙකු විසින් පහර දී විනාශ කළ  බව එහි හිමිකරු පවසනවා.

ඔහු ප්‍රකාශ කළේ ගබඩාවට පහර දෙන අවස්ථාවේදී එහි වී කිලෝ ලක්ෂයකට ආසන්න ප්‍රමාණයක් තිබූ  බවයි.
 
ගබඩාකරු හා අවට පිරිස් එක්  වී මහත් වෙහෙසක් දරා අලියා එළවා දමා තිබෙනවා.

(lknews)