ධනිෂ්කගේ හමුව ගැන තවත් තොරතුරු අනාවරණයක්

September 19, 2023 - 12:39 PM
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනිෂ්ක ගුණතිලකට එරෙහි නඩුවේ විනිසුරුවරයාගේ නඩු විභාගය ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර NSW දිස්ත්‍රික් අධිකරණය හමුවේ අද (19) අඛණ්ඩව 2 වැනි දිනටත් කැඳවනු ලැබුවා.

කැමැත්තෙන් තොරව ලිංගික සංසර්ගයේ යෙදීම සම්බන්ධයෙන් ගුණතිලක එක් වරදකට වරදකරු බව පිළිගෙන තිබෙනවා.

එම යුවතිය සහ ගුණතිලක ප්‍රථමයෙන් ඔපෙරා බාර් හිදී මුණගැසී ඇති අතර එහිදී ඔවුන් වැළඳ ගන්නා ආකාරය සීසීටීවී දර්ශන වලින් පෙන්නුම් කර තිබෙනවා.

පසුව මත්පැන් පානය කර තොටුපළ හරහා කාන්තාවගේ නිවසට ආපසු ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

ගුණතිලක විසින් කොන්ඩම් භාවිතා නොකරන ලෙස ඇයව ඒත්තු ගැන්වීමට උත්සාහ කළ බව එම කාන්තාව අධිකරණය හමුවේ පවසා තිබෙනවා.

නමුත් ගුණතිලක වෙනුවෙන් පෙනී සිටින නීතිඥ තංගරාජ් මහතා තරයේ කියා සිටියේ එය එසේ නොවන බවයි.

නඩු විභාගයේ ප්‍රධාන ගැටලුව වන්නේ කාන්තාවගේ අනුදැනුමකින් තොරව ඔහු කොන්ඩමය ඉවත් කළේද නැද්ද යන්න පිළිබඳව ගුණතිලක මානසික තත්ත්වය බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.
(lknews.lk)