ඩයිනොසෝර ඇටසැකිල්ලක් වෙන්දේසියකට

September 19, 2023 - 9:08 AM
සම්පූර්ණ ඩයිනොසෝර ඇටසැකිල්ලක් ලබන මාසයේ පැරිසියේ පැවැත්වෙන වෙන්දේසියක දී අලෙවි කිරීමට සූදානම් කර තිබෙනවා.

ඒ අනුව ඔක්තෝබර් 20 වැනිදා පැවැත්වෙන වෙන්දේසියකදී ඩොලර් මිලියන 1.2 කට අලෙවි කිරීමට සැලසුම් කර ඇති බව සඳහන්.

විදෙස් මාධ්‍ය වාර්තාවල දක්වා ඇත්තේ, එය වසර මිලියන 150 ක් පැරණි වන අතර 1990 වසරේ දී එක්සත් ජනපදයේ වයෝමිං ප්‍රාන්තයෙන් සොයා ගෙන ඇති බවයි.

එමෙන්ම විශේෂඥයන් පවසන්නේ ඇටසැකිල්ල හොඳින් සංරක්ෂණය කර ඇති බවයි

කෙසේ වෙතත් ඩයිනොසෝර පොසිල අලෙවිය සිදු කරනු ලබන්නේ ඉතා කලාතුරකින් බවයි පැවසෙන්නේ.
(lknews.lk)