රනිල් සහ ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා අතර සාකච්ඡාවක්

February 16, 2025 - 4:17 PM
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් සමඟ සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.

ඒ  8වන ඉන්දීය සාගර සමුළුව අතරතුරදී බවයි වාර්තා වන්නේ.

එහිදී සාකච්ඡාවට ලක්ව ඇත්තේ ඉන්දියානු සාගර කලාපයේ ද්විපාර්ශවික සහ බහුපාර්ශවික හවුල්කරිත්වයන් වැඩිදියුණු කිරීමේ අවශ්යත්වය සම්බන්ධයෙන්.

එමෙන්ම කලාපීය සහයෝගීතාවය සහ සමුද්‍රීය ආරක්ෂාව සම්බන්ධයෙන්ද එහිදී සාකච්ඡාවට ලක්ව තිබෙනවා.

(lknews.lk)