ගුවන් හමුදාවෙන් ප්‍රදර්ශනයක්

April 10, 2024 - 6:14 PM
ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් ගුවන් සංදර්ශන සහ තාක්ෂණික වෙළෙද ප්‍රදර්ශනයක් ගාලු මුවදොර පෝට් සිටි නගරයේ පැවැත්වීමට නියමිත‍යි.

එය මැයි මස 29 වැනිදා සිට ජූනි 2 දක්වා දින පහක් පෙරවරු 9.00 සිට රාත්‍රී 12 දක්වා පවත්වන බව වාර්තා වනවා.

‘කලම්බු එයර් ෂෝ ඇන්ඩ් ඩිෆෙන්ස් එක්ෂිබිෂන් 2024‘ නමින් එම ප්‍රදර්ශනය සංවිධානය කෙරන බවයි සඳහන් වන්නේ.

එම ප්‍රදර්ශනය ‘අනාගතයට කෙසේ පියනඟන්නේද?‘ යන්න තේමාව පදනම් කරගනිමින් පැවැත්වෙනවා.

මේ පිළිබඳව දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් අද (10) අකුරේගොඩ ගුවන් හමුදා මූලස්ථානයේදී එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා.
 
(lknews.lk)