අත්අඩංගුවට ගත් කරාපිටියේ වෛද්‍යවරයාට ඇප

January 22, 2024 - 4:56 PM
රිමාන්ඩ් කර සිටි කරාපිටිය රෝහලේ පිළිකා වාට්ටුව භාර විශේෂඥ වෛද්‍ය ක්‍රිශාන්ත පෙරේරා මහතා රුපියල් මිලියනය බැගින් වූ ශරිර ඇප දෙකක් මත මුදා හැරිමට ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා අද (22) නියෝග කළා. 

කරාපිටිය රෝහලේ බන්ධනාගාර නිලධාරින්ගේ ආරක්ෂාව යටතේ සිටි වෛද්‍යවරයා හෙදියන් දෙදෙනකු වෙද්‍යවරයකුද සමඟ ගිලන් රියකින් අධිකරණය වෙත පැමිණියා. 
 
නඩුව කැඳවු අවස්ථාවේ දෙපාර්ශවයම අධිකරණයට දැනුම් දුන්නේ මෙම සිද්ධිය සමථ වීමට කැමති බවයි. 
 
ඒ අනුව රාජකාරියට බාධා කිරිමේ චෝදනාව හැර අනෙක් චෝදනා සමථමණ්ඩලයට යොමු කිරිමට නියෝග කළ මහේස්ත්‍රාත්වරයා සැකකාර වෙද්‍යවරයාට ඇප නියම කරමින් කියා සිටියේ මින්පසු වෘත්තිය සමිති අයිති වාසිකම් යටතේ සිදු කරන ක්‍රියාකාරකම්වලට බලපැම් නොකරන ලෙසයි. 
 
වර්ජනය කිරිම වෘත්තීය අයිතිවාසිකමක් බවත් එය වෛද්‍යවරුන්ට මෙන්ම සුළු සේවකයන්ටද අයිති බවත් මහේස්ත්‍රාත්වරයා කියා සිටියා.
(lknews.lk)