ගාසා ළමා අරමුදලට කාගිල්ස් සභාපතිගෙන් පරිත්‍යාගයක්

February 29, 2024 - 5:45 PM
ගාසාහි ළමා අරමුදලට කාගිල්ස් සභාපති රංජිත් පේජ් මහතා ඊයේ (28) රුපියල් ලක්ෂ 30ක මුදලක් පරිත්‍යාග කර තිබෙනවා.

ඊට අදාළ චෙක් පත ඒ මහතා මුදල් අමාත්‍යාංශයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ලබා දුන්නා.

ගාසා හි ගැටුම්වලින් විපතට පත් වූවන් වෙනුවෙන් සහන සැලසීම සඳහා ජනාධිපතිවරයා විසින් ආරම්භ කළ මෙම අරමුදල සඳහා ශ්‍රී ලංකා රජය විසින් ඇමරිකානු ඩොලර් මිලියනයක පරිත්‍යාගයක් එක්සත් ජාතීන්ගේ නිල නියෝජිතායතනය හරහා ලබා දීමට අදහස් කර තිබෙනවා.
(lknews.lk)
%MCEPASTEBIN%