රිය අනතුරක් සිදු කර පළා ගිය රියදුරු කොටු වෙයි

February 16, 2024 - 2:00 PM
අරලගංවිල අළුත්වැව කැටේහන්දිය ප්‍රදේශයේදී පසුගිය 14 වැනිදා රිය අනතුරක් සිදු කර පළා ගිය ලොරි රථ රියදුරෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
 
එම අනතුරෙන් එක් පුද්ගලයෙකු එම ස්ථානයේම මිය ගියා.

එම ලොරි රථය පරීක්ෂා කිරීමේදී මිය ගිය පුද්ගලයාගේ හිසකෙස් හා ඇඳුම් කොටස් එහි තිබී සොයා ගෙන ඇති බව පොලීසිය සඳහන් කළා.

එලෙස මිය ගොස් ඇත්තේ 39 හැවිරිදි එම ප්‍රදේශයේම පදිංචිකරුවෙක්.
(LKNEWS)