දුම්රිය වේදිකාවේ හැප්පූ රියදුරාගේ සේවය අත්හිටුවයි

April 16, 2024 - 3:55 PM
හලාවත බලා ධාවනය වීමට නියමිතව තිබූ අදාළ දුම්රිය ඊයේ (15) සවස දුම්රිය ස්ථානයේ පළමු වේදිකාවට පැමිණිමේදී දුම්රිය නියමිත ස්ථානයේ නතර කරගැනීමට නොහැකිවී වේදිකාවේ ගැටීමෙන් අනතුරට ලක්වී තිබෙනවා.

එම රියදුරුගේ සේවය තාවකාලිකව අත්හිටුවූ බව දුම්රිය නියෝජ්‍ය සමාන්‍යාධිකාරී එන්. ජේ. ඉදිපොළගේ මහතා අද (16) සඳහන් කළා.

ඒ අනුව ඔහු සඳහන් කළේ අදාල සිද්ධිය පිළිබඳව පරීක්‍ෂණයක් ආරම්භ කර ඇති අතර එම පරීක්‍ෂණය අවසන් වීමෙන් පසුව රියදුරුගේ සේවය පිළිබඳව අවසන් තීරණය ගන්නා බවයි.

(lknews.lk)