බීමතින් ගිලන් රථය ධාවනය කළ රියදුරු අත්අඩංගුවට

December 14, 2023 - 12:57 PM
ගිලන් රථය බීමතින් ධාවනය කර පොලිස් මාර්ග බාධකයක ගැටී අනතුරක ලක් කළ පුද්ගලයෙකු පසුගිය (11) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අනතුරට ලක් වී ඇති ගිලන් රථය කොළඹ ජාතික රෝහලට අයත් ගිලන් රථයක් බව‍ සඳහන් වෙනවා.

කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී රෝගියෙකු අනුරාධපුර රෝහලට භාර දී පැමිණෙන අතරතුර මෙම අනතුර සිදු වී ඇති බවයි වාර්තා වන්නේ.

අනතුර සිදුවන අවස්ථාවේ දී රෝගීන් කිසිවෙකු ගිලන් රථයේ සිට නොමැති අතර, සහය සේවකයින් දෙදෙනෙකු පමණක් සිට ඇති බව සඳහන් වෙනවා.

මෙම ගිලන් රථය හලාවත දැදුරු ඔය පාලම මත ඇති පොලිස් මාර්ග බාධකයේ ගැටී ඇත්තේ පුත්තලම දෙස සිට හලාවත දෙසට ධාවනය කර තිබියදීයි.

පොලිසිය පවසන්නේ රියදුරු බීමතින් සිටින බව පරීක්ෂණවලින් තහවුරු කර ගැනීමත් සමඟ රියදුරුව අත්අඩංගුවට ගෙන ඇති අතර, ගිලන් රථය පොලිස් භාරයට ගත් බවයි.
(lknews.lk)