PHOTOS | ජනප්‍රිය රංගන ශිල්පිනියකට අතවර කිරීමට ගිය රියැදුරා මෙන්න

January 10, 2024 - 3:06 PM
ජනප්‍රිය රංගන ශිල්පිනියකට පිළියන්දල ජාලියගොඩ ප්‍රදේශයේදී ත්‍රී රෝද රථ රියැදුරෙක් විසින් ලිංගික අතවරයක් සිදුකිරීමට උත්සාහ කළ පුවතක් පිළිබඳව තොරතුරු පසුගිය දා වාර්තා වුණා.

ඇය තම පෞද්ගලික අවශ්‍යතාවයක් සඳහා නුගේගොඩ ප්‍රදේශයට යෑම සඳහා මෙම ත්‍රී රෝද රථය සම්බන්ධ කරගෙන තිබෙනවා.

ගමනාන්තය වෙත ගමන් කරන අතරතුරදී පිළියන්දල ජාලියගොඩ ප්‍රදේශයේදී ත්‍රී රෝද රථය කාර්මික දෝෂයකට ලක් වූ බව පවසමින් රියැදුරු රථයෙන් බැස ඇති අතර එහිදී පිටුපස ආසනයේ වාඩි වී සිටි රංගන ශිල්පිනිය සමීපයට පැමිණ ඇයට බලහත්කාරකම් සිදුකිරීමට උත්සාහ කොට තිබෙනවා.

එම අවස්ථාවේ කෑ ගසමින් රංගන ශිල්පිනිය ත්‍රී රෝද රථයෙන් බැස ඇති අතර ඇය මේ පිළිබඳව ප්‍රදේශවාසින්ට දැනුම් දී ඇති බවයි වාර්තා වෙන්නේ.

එයත් සමඟ බියට පත් වූ ත්‍රී රෝද රථ රියැදුරු එතැනින් පළා ගොස් තිබුණා.

එම රියැදුරු පිලිබඳව තොරතුරු මේ වන විට අනාවරණය වී තිබෙනවා.

අදාළ රංගන ශිල්පිනිය විසින් 'කටුබැද්දේ' සිට 'නුගේගොඩ' දක්වා යෑමට ඇය විසින් අන්තර්ජාලය හරහා 'කුලී ගමන් පහසුකම්' සපයන සමාගමකින් 'ත්‍රීරෝද රියක්' ඇනවුම් කර ඇති බැව් සඳහන්.

AdaDerana

එම අවස්ථාවේ රියට ගොඩ වූ 'රංගන ශිල්පිනිය''මාව නුගේගොඩින් දාන්න' යැයි රියදුරා දැනුම්වත් කර තිබුණා.

කෙසේ හෝ වේවා, 'රිය' පිළියන්දල 'විකල්ප මාර්ගය' හරහා ජාලියගොඩ දෙසට ධාවනය වෙමින් තිබියදී එම ප්‍රදේශයට අධික වර්ෂාවක් ඇද හැලෙන්නට වුණා.

'මේ වැස්සෙ තවත් යන්න බෑ මිස්' වර්ෂාවත් සමඟ එසේ කී 'රියදුරා' සිය රථය නවතාගෙන තිබුණා.

මෙලෙස රිය නවත්වා තිබෙන අතරතුර දී ලද අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්නට යෙදුණු 'නොමනා රියදුරු' එක්වරම පසුපස අසුනට පැමිණ ඇයව 'ස්පර්ශ කිරීමට' උත්සාහයක් ගෙන ඇති බැව් සඳහන්.

අවසානයේ, රංගන ශිල්පිනිය ඔහු හා 'පොර බඳිමින්' හඬ නඟා ත්‍රීරෝද රියෙන් පැන දිවගොස් තිබෙනවා.

එයින් 'කලබල' වූ රියදුරු එම අවස්ථාවේ පලා යන අතර, එසේ ඔහු 'පලා යන්නෙ' රංගන ශිල්පිනියගේ 'මුදල්' ඇතුළු වටිනා කියන ලිපිලේඛන ද ඇතුළත් 'ගමන් බෑගය' ද රථයේ තිබියදීමයි.
AdaDerana

දාළ සිදුවීම පිළිබඳව 'රංගන ශිල්පිනිය' පිළියන්දල පොලිසියට පැමිණිලි කරන්නෙ ඉන් අනතුරුවයි.

අදාළ 'කුලී රථ සේවා සංගමයෙන්' තොරතුරු සපයා ගත් 'පොලිසිය' පිළියන්දල ප්‍රදේශයේ දී උපක්‍රමශීලිව සැකකරු කොටු කරගෙන තිබුණා.

මෙම සැකකරු 'අල්ලස් කොමිසමට' අනුයුක්තව සේවයේ යෙදුණු පොලිස් පරීක්ෂකවරයෙක් බවයි විමර්ශනවලදී අනාවරණය වී ඇත්තෙ.

ඔරුවල, විද්‍යා මාවතේ තිබී ඔහුගේ 'ත්‍රීරෝද රිය' ද තමන් සන්තක කර ගැනීමට පොලිසිය සමත් වුණා.

කෙසේ වෙතත්, රංගන ශිල්පිනියගේ 'අත්බෑගය' තවමත් අතුරුදන් බවයි පිළියන්දල පොලිසිය පැවසූවේ.