මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් පුද්ගලයන් රැසක් අත්අඩංගුවට

December 09, 2023 - 11:14 AM
වසරේ මේ දක්වා වූ කාලසීමාව තුළ මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් පුද්ගලයන් එක්ලක්ෂ විසි තුන්දහසක් පමණ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මේ සම්බන්ධයෙන් අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ සභාපති ශාක්‍ය නානායක්කාර මහතා සඳහන් කළේ, මෙම අත්අඩංගුවට ගැනීම්වල දී අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 61ක් පොලිස් භාරයට ගෙන ඇති බවයි.

මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් පාසල් 831ක් දැනුම්වත් කිරීමට ද පියවර ගෙන ඇති බව සඳහන්.
(lknews.lk)