මිල්කෝ සභාපති රේණුක ඉල්ලා අස්වෙයි

December 18, 2023 - 11:45 AM
මිල්කෝ සභාපති රේණුක දුෂ්‍යන්ත පෙරේරා මහතා සිය ඉල්ලා අස්වීමේ ලිපිය, මුදල් අමාත්‍යාංශය වෙත යොමු කර තිබෙනවා. 

මිල්කෝ ආයතනය පෞද්ගලිකකරණය කිරීමට දේශීය හා ඉන්දියානු සමාගමක් සමඟ ඒකබද්ධව කටයුතු කරන බැවින් තමන් මෙලෙස ඉල්ලා අස්වීමට තීරණය කළ බවයි ඔහුගේ ලිපියෙන් වැඩිදුරටත් දන්වා ඇත්තේ. 
 
ඔහුට මෙම තනතු‍රේ කටයුතු කිරීමට තවත් මාසයක කාලයක් පැවති බවයි වාර්තා වන්නේ.
(lknews.lk)