විද්‍යුත් හැඳුනුම්පත ජුනි මාසයේ

January 19, 2024 - 10:09 AM
නව විද්‍යුත් ජාතික හැඳුනුම්පතට අදාළව පුරවැසියන්ගේ ජෛවමිතික දත්ත ලබා ගැනීම එළඹෙන ජුනි මාසය ඇතුළත සිදු කිරිමට නියමිතව තිබෙනවා.

ඊයේ (18) පෙරවරුවේ මහජන ආරක්ෂක අමාත්‍යාංශ පරිශ්‍රයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් ප්‍රදීප් සපුතන්ත්‍රී මේ බව සඳහන් කර ඇති බවයි වාර්තා වන්නේ.

ඔහු වැඩිදුරටත් පැවසුවේ නව විද්‍යුත් හැඳුනුම්පත ක්‍රියාත්මක කිරීමට අදාළව මූලික කටයුතු සම්පූර්ණයෙන්ම අවසන් කර තිබෙන අතර එයට අදාළ යටිතල පහසුකම් මේ වන විට සකස් කරමින් සිටින බවයි.

එළඹෙන ජුනි මාසය ඇතුළත පුරවැසියන්ගේ ජෛවමිතික දත්ත, ඇඟිලි සලකුණු සහ Facial recognitionවලට අදාළ දත්ත එකතු කිරීම සියලු ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා ආරම්භ කිරීමට නියමිතයි.
(lknews.lk)