ඇෆ්ගනිස්ථානයට බලපෑ භූමිකම්පාවලින් 1,000කට වැඩි පිරිසක් මරුට

October 16, 2023 - 11:25 AM
බටහිර ඇෆ්ගනිස්ථානයට බලපෑ භූමිකම්පාවලින් පසු කලාපයේ පුද්ගලයින් 1,000 කට වැඩි පිරිසක් මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.

තෙවනවරට ඇතිවූ රිච්ටර් මාපකයේ 6.3ක ප්‍රබලත්වයෙන් යුත් භූමිකම්පාවත් Herat නගරය ආසන්නයේ ඇති වූ බව අමෙරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනය (USGS) පවසන්නේ.

ප්‍රාදේශීය සෞඛ්‍ය බලධාරීන්ට අනුව එම භූමිකම්පාවෙන් අවම වශයෙන් එක් පුද්ගලයෙකු මිය ගොස් තිබෙනවා

තවත් 100 දෙනෙකු තුවාල ලබා ප්‍රාදේශීය රෝහලේ ප්‍රතිකාර ලබන බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කළේ.

මීට පෙර ඇති වූ භූමිකම්පාවලින් මියගිය අයගෙන් 90% කට වඩා කාන්තාවන් සහ ළමයින් බව එක්සත් ජාතීන්ගේ ළමා ඒජන්සිය වන යුනිසෙෆ් සඳහන් කරනවා.

නවතම කම්පනයේ කේන්ද්‍රය ඉරාන දේශසීමාවට ආසන්න ඇෆ්ගනිස්ථානයේ තුන්වන විශාලතම නගරය වන Herat සිට වයඹ දෙසින් කිලෝමීටර් 30 ක් දුරින් සිදුවූ බවයි පැවසෙන්නේ.

මීට පෙර භූමිකම්පාව Herat සිට කිලෝමීටර 40 ක් පමණ දුරින් පිහිටි ග්‍රාමීය දිස්ත්‍රික්කයක් වන සින්දාජාන් වෙත බලපානු ලැබුවා.
(lknews.lk)