නිපා වෛරසය ඌරු මස් අනුභවයෙන් බෝවීම ගැන විශේෂඥයන් කියයි

October 05, 2023 - 5:51 PM
ඌරු මස් අනුභවයෙන් නිපා වෛරසය මෙරට තුළ බෝවීමේ අවදානමක් නැති බව පශු සම්පත් විශේෂඥයෝ අවධාරණය කර තිබෙනවා.

මේ සම්බන්ධයෙන් අද (05) කෘෂිකර්ම අමාත්‍යාංශය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා.

පශු සම්පත් අංශයේ නිලධාරීන් සඳහන් කර ඇත්තේ, එම වෛරසය ශ්‍රී ලංකාවට ඇතුළුවීමේ අවදානමක් නොමැති බවයි.

මෙම රෝගය මෙතෙක් ශ්‍රී ලංකාවෙන් වාර්තා වී නොතිබීමත්, සෞඛ්‍ය අංශ රෝග ලක්ෂණ ආවේක්ෂණ කටයුතු දැඩිව ක්‍රියාත්මක කිරීමත් නිසා මෙම වෛරසය ලංකාවට ඇතුළුවීමට ඇති ඉඩකඩ ඉතා අල්ප බව පශු සම්පත් අංශයේ නිලධාරීන් වැඩිදුරටත් සඳහන් කළා

මෙම වෛරසය ආසාදිත ඌරන් ආනාරක්ෂිතව ස්පර්ශ කිරීමෙන්, ඔවුන්ගේ පටක,ශරීර තරල සහ මළමුත්‍රා මගින් මිනිසුන්ට බෝ වීමට හැකියාව පවතින බවයි වාර්තා වන්නේ.
(lknews.lk)