PHOTS | මන්නාරමේ දරුවන්ගේත් අධ්‍යාපන සිහිනය සැබෑ වෙයි

July 18, 2024 - 10:50 AM
ජනාධිපති ගරු රනිල් වික්‍රමසිංහ මහතාගේ සංකල්පයකට අනුව ජනාධිපති අරමුදලේ සංවිධාන ශක්තියෙන් දීප ව්‍යාප්තව ක්‍රියාත්මක වන ජනාධිපති ශිෂ්‍යත්ව 2024 වැඩසටහනේ උතුරු පළාතේ මන්නාරම දිස්ත්‍රික්කය සඳහා වන වැඩසටහන ඊයේ (17) ක්‍රියාත්මක කර තිබෙනවා

මන්නාරම් දිස්ත්‍රික්කයේ ශිෂ්‍යත්ව සදහා සුදුසුකම් ලැබූ මුළු ශිෂ්‍ය සංඛ්‍යාව 1150ක් බවයි වාර්තා වන්නේ.  

අධ්‍යාපන කලාප 02කට අයත් උසස් පෙළ සිසුන් 120ක් හා 1 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා සිසුන් 1030ක් සඳහා මෙම ශිෂ්‍යත්ව බෙදා දුන් අතර උසස් පෙළ එක් සිසුවෙක් සඳහා මසකට රු.6000ක් වටිනා ශිෂ්‍යත්වද 1 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා එක් සිසුවෙකුට මසකට රු.3000ක් වටින ශිෂ්‍යත්ව ද හිමි වීමට නියමිතයි.

මෙම වැඩසහන ක්‍රියාත්මක වනුයේ ජනාධිපති අරමුදලේ පූර්ණ සංවිධානය ශක්තියෙන් හා සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ දායක්ත්වයෙන්.



(lknews)