කුරුණෑගල දරුවන්ටත් අධ්‍යාපනයට නව පියවරක් විවර වෙයි

July 19, 2024 - 12:53 PM
වයඹ පළාත් අධ්‍යාපන සංවර්ධනය වෙනුවෙන් තවත් ඉදිරි පියවරක් සටහන් කරමින් කුරුණෑගල දිස්ත්‍රික් දූ දරුවන් වෙත ජනාධිපති ශිෂ්‍යත්ව ලබාදීම පසුගියදා පැවැත්වුණා.

එය කුරුණෑගල දිස්ත්‍රික්කයේ අධ්‍යාපන කලාප 06ක් ඉලක්ක කර ගනිමින් සිදු කර තිබෙන බවයි වාර්තා වන්නේ.

ඒ අනුව මසකට රු.6000ක් වටිනා ශිෂ්‍යත්ව 364ක් උසස් පෙළ දරුවන් වෙත පිරිනැමූ අතර 1 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා ශිෂ්‍ය ශිෂ්‍යාවන් 8392ක් වෙත ශිෂ්‍යත්ව ලබා දීම සිදු වුණා.

ජනාධිපති අරමුදලේ සංවිධානයෙන් හා සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ දායකත්වයෙන් මෙම අධ්‍යාපන ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීමේ වැඩසටහන ක්‍රියාත්මක වනවා.

(lknews)