බිත්තර මිලියන 15ක් හෙට දිවයිනට

December 16, 2023 - 8:39 PM
උත්සව සමය සඳහා අවශ්‍ය බිත්තර මිලියන 15ක් හෙට (17) දිනයේදී දිවයිනට රැගෙන ඒමට නියමිත බව රාජ්‍ය විවිධ නීතිගත සංස්ථාවේ සභාපති ආසිරි වලිසුන්දර මහතා පවසනවා. 

ඔහු සඳහන් කළේ, එම බිත්තර ද පරීක්ෂණ කටයුතු සඳහා යොමු කිරීමෙන් අනතුරුව වෙළෙඳපොලට නිකුත් කිරීමට බලාපොරොත්තු වන බවයි. 
 
එමෙන්ම බිත්තර මිලියන 10ක් එළඹෙන සදුදා (18) දිනයේ සතොස ආයතනය වෙත නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව රාජ්‍ය විවිධ නීතිගත සංස්ථාව පවසනවා. 
 
දැනට මෙරටට ආනයනය කර ඇති තත්ත්ව සහතික ලද බිත්තර මිලියන 10ක් මෙලෙස නිකුත් කිරීමට බලාපොරොත්තු වන බවයි එම සංස්ථාව සඳහන් කළේ.
(lknews.lk)